ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිරි කඳුළ

කිරි කඳුළ

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
2023-August

රිදවන්න එපා අම්මේ ගසට ඔය අතින්
නොපෙනේද අඬන ඇය කඳුලැලි සලන්
නුඹේ කඳුළු කිරි කඳුළු හා එකතු කර ඉතින්
යන්නේ මට කිරි ගන්නදෝ කඩෙන්?

බොන්න බැහැ ඔය ගෙනෙන කිරි තවත් මට ඉතින්
කාසි නුඹ සෙව්වේ ඇය රිදවමින්
හිරු නගින්නට පෙරම නුඹලා හඬවලා ඉතින්
මම කොහොම කිරි බොන්නේ සතුටකින්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා