
පලක් නැති වැයක් – මිලක් නැති අයක්
පලක් නැති වැයක් – මිලක් නැති අයක්
කලක් නැති රටක් – බලක් නැති හෙටක් …!
නැහැ කිසිදු ඉවක් – අයවැයෙහි ඉඩක්
දුටුව බව මඟක් – රටට දෙන හැඩක්
පොළිය මත ණයක් – ගෙවන්නට අයක්
දැයෙ උරුම පෙළක් – විකුණන්න පොළක්
හැර මෙවැනි පෙතක් – වෙ ද, කවර මඟක්
අද අසන අයෙක් – එදා දෙසු කුමක් ?
විනිම කිසි දෙයක් – ජනනු බැරි යමක්
හැදෙත ගෙන ණයක් – වැසුණෙ කිම මුවක් ?
එකට හැකි වැඩක් – පහට කළ රටක්
ලොවට ණය මිසක් – වෙ ද, එයට හෙටක් ?
කී නමුදු නොවක් – ණය කඳෙහි බරක්
නැහැ එවක අයෙක් – යොමු කළෝ කණක් …!!
ණයට ගෙන දැයක් – ලබත එහි සැපක්
නිදහසට තිතක් – වැටෙනු නැහැ සැකක්
විකුණු විට බිමක් – ලැබෙන මුත් අයක්
පුතුට නැති රටක් – වෙ ද කවර පලක් ?
ඉතුරුමට කැසක් – විනා දැයෙ කොණක්
බදු දෙන්න තැතක් – ගතොත් එය පවක්
හෙළ විරුන් ලෙයක් – පතිත පින් බිමක්
අහිමි කර හෙටක් – පියනු බැහැ නෙතක් ….!!!
2022 නොවැම්බර් 14