![](https://londonkavi.com/wp-content/uploads/2023/12/20220409190444_30b1cda177bfbf0f9a1f7b37237a07aacff7e589cc767916ecf2a3c13ea548f6.jpg)
කෙසේ සමරමුද?
වීදි පුරා නේක පාට …පාට,…
සෙල්ලම් බඩු ඇඳුම් ආයිත්තම්
සාප්පු පිරිලා බලන්න ලස්සනයි
විදුලි රැහැන් ඇදල පාර පුරා…..
සුර පුරයක් වගෙ බැබළෙන්නේ
බෝනික්කෙක් තුරුළු කරන්……
පැටික්කියක් තාලෙට නටනවා සතුටින්
අම්මාගේ අතේ බඩු පිරිල,……
පාර පැන්නේ බොහොම සීරුවෙන්
ලොවෙහි තවත් තැනක
බෝනික්කෙක් තුරුල් කරන්
පුංචි පැටියෙක්,…..
සුන්බුන් අතරින් මතු වීලා,……
ඡේසුස් ක්රිස්තුස් වහන්සේ උපන්
බෙත්ලෙහෙම,…….
අද යුද පිටියක් විලා,….
20/12/2023