ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහ මඟ බුදු රුව

මහ මඟ බුදු රුව

චන්ද්‍රවංශ ඥානසේකර - ඔස්ට්‍රේලියාව
2021-August

දෙනෝ දාහක් නිරන්තරේ
පියමං කරනා මහමඟ  අයිනේ
පතල  දයා ගඟ උතුරා හැලෙනා
හිමි ඔබ දකිනෙමි උදේ හවා

මා හද තුල වූ
ඔබ ගේ පිළිරුව
බිඳ හෙලුවා මම මාන සිතින්

අව් වැසි උසුලා
නොසැලී එක සේ
ලෝ තල අඳුරේ පුරහඳ සේ
හිඳිනා හිමි ගේ නෑ වෙනසක්

ගලනා කරුණා මෙත් දිය දහරින්
නිවේ නිවේ හද නිවේ නිවේ
ගිනි ඇවිලුන හිස  කෙලෙස් මලින්
සැනහී සුවපත් වේ ද ඉතින්

1973

තරුණ විය මානයෙන්  බුදුන්ටත් එරෙහිව
කැරලි ගසන මනසින් සිටි මම තුන්මුල්ලේ බුදු රුව ලඟින්
සරසවිය දෙසට හැරුනේ දේශන සඳහා යාමට ය