ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පොඩි සිත්…!

පොඩි සිත්…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2021-December

කුඩා කලදි කොයි දරුවත්
ප්‍රභාමත් සිතින් සිතන්නෙ…
වඩා හොඳින් පෙනෙනව මෙහි,
සතුටින්මයි දිවි ගෙවන්නෙ…
දොඩා වදන් හුරතල් ලෙස
ප්‍රීතිය හැමටම බෙදන්නෙ…
කඩා බිඳින කල එම සිත්
වෛරය හද තුල වැඩෙන්නෙ…

දහමට නැඹුරුව ඇති කල
මෙත් සිතිවිලි සිත දරන්නෙ…
එහෙමට කියලා පවකුත්
නැහැනෙ එවිට සිදු කෙරෙන්නෙ…
යහමට ඇති මුදල් හදල්
මනුස්සකම් නැති කරන්නෙ…
මෙහි මට පෙනෙනා රූ, එය
මැනවින් පහදා දෙවන්නෙ …

තාක්ෂණය හොඳ මුත් එහි
අඩුපාඩුත් අප දකින්නෙ…
සූක්ෂමව යෙදවෙනකල පොඩි
සිත් කුරුවලු කෙරෙන්නෙ…
ඒ ක්ෂණයකින් එය මුළු
සමාජෙ වනසා දමන්නෙ…
තීක්ෂණව වටහා ගෙන
පිලියම් යෙදුමයි වටින්නෙ…

Little minds…! Dhakshini Savitri Fernando de Silva
Dehiwala .

Minds of little ones are fresh and pure…
Their unblemished thoughts can heal or cure..,
Any ailing person, coz they are truly genuine…
Once they get prejudiced, their minds will be ruined…

If they are brought up in a religious atmosphere …
Automatically they will be kind ,
nothing to fear…
Riches at young age, can destroy good habits…
Have a look at this picture, which nicely fits…

Advantages of technology, are many, we know…
But if not handled carefully, our
kids ‘ll just grow…
Like so called robots, sans
a kind heart…
It’s high time we thought, to
make a good start …