උත්තම පුත්තු
වැදුවා මව් පුතුන් රහසෙ ම මගෙ ලේ බිඳු -බිඳු ව අරන්
බලාපොරොත්තුවෙ උස්-මිටිකම නොබලා සමව දරන්
කර උස් යන අත-පය ලොකු වෙනකොට නෙත්දෑලෙ තියන්
කුස පුරවා අඩු නැති “කළ-සතකට” කිරි දොවා රුවන්
පුතුන් රකින්නට පළච්ච මගෙ ගත දහිරිය වැටිච්ච
ඇතුන් වගේ කන-බොනකොට කිරි මදි බව සිත දැනිච්ච
රටුන් කතා නොම අහන්න කුඹුරු-හේන වල්ගැහිච්ච
වටින් පාත් වෙනතුරු කලුවර මගෙ දෑතින්කෙටිච්ච
උදේ-දවල්-රෑ පැල්කොටයට වී මගෙ කල ගෙවිච්ච
පදේ-පදේ අමුණා පැල් කවි කිව් මගෙ කට පිරිච්ච
කදේ බඳින්නට “බෝ” වැඩි වෙන විට මගෙ සිත හැදිච්ච
වදේ වින්ද ගියෙ නුඹලගෙ වත දැකුමෙන් ඇඟ තැලිච්ච
දුක්පත්කම හිතේ තියන් අර-පිරිමැස්මෙන්කෙරිච්ච
පොහොසත්කම හිතේ තියන් ගේ-දොර හැඩ-වැඩ දැමිච්ච
මනුස්සකම හිතේ තියන් දරු කැළ යහමඟ ගෙනිච්ච
ගුණවත්කම හිතේ තියන් ගුණ ගරුක ව උන් හැදිච්ච
සමාදානයෙන් සැම දා බෙදා-හදා කෑව - බිව්ව
පමා නොවන්නට වැඩ-කටයුතු නිසි කලට ම කෙරෙව්ව
කමා වෙලා සිතා-මතා නොකළත් වරදක් ම සෙව්ව
නමා හිස් දෙපා මව් ළ`ග කමා ඇයැද සිත පිරෙව්ව
අකුරට ගියෙ හැම දා අලස ව නොම සිට ගෙදරට වී
තරගෙට නැත කිසි දා උන් හැදුවේ යන්නට ඉගි ලී
සතරට සිත දී නිරතුරු උගතුන් වෙන්නට මතු වී
ගම-රට - ජාතිය - ආගම රැක ලක ඉන්නට බැබ ලී
ලක රණ’ඹර රකිනට නැණ දිරිය-විරිය ලැබ ගන්නයි
ලක වට දිය’ඹර රළ බි`ද රුපුන් හඹාගෙන යන්නයි
ලක මැද “එක්-සේසත්කොට” එක් ධජයක යට ඉන්නයි
ලක පිවිතුරු පුතුන් දෑත් රට වට “යදමක්” වන්නයි
මව් - පිය නම් රන්දා රට - දැයට දැයක්වෙමිනා
සව් - සිරි දුව කැන්දා නිවෙසට පහණක්වෙමිනා
පෙව්-කිරි ක`ද නිම්මා මව්-බිම රැක රජවෙමිනා
සව් - දිය නිති රන්දා මිහි කුස තුළ සැඟ වෙමිනා
ඇස හිස මස ලේ මදි තැන දිවිය ද දී සමු ගනිද්දි
බැස පසු අත් පා අහිමි ව දහස් ගණන් ගෙට ගෙනෙද්දි
රැස අතැර ව නොයා නොබිය ව ම සටනට මුහුණ දෙද්දි
එ පුතුන් හිමි මව්-පියවරු තැන-තැන ලක කඳුළු බොද්දී
මාරක සටනට වැද මිය ගිය පසු ස්මාරක හැදේවි
දාරක පෙම සිතේ තිබෙන තුරු ඒ මල් පිපේවි
ආදර දූ -පුතුන් මත්තෙ මව්-පියො සිත් තැවුල් දේවි
සාගර දළ පරදන උණු කඳුළු බිබී උන් හිඳීවි