ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තියන් ගල් පොත පැත්තකින්

තියන් ගල් පොත පැත්තකින්

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2022-February

තියන් ගල් පොත පැත්තකින්

පැරකුම්
තියන් ඔය ගල් පොත පැත්තකින්
ගන් කඩුව සුරතට
කාලෝ අයංතේ
අන්න බිඳිනවා බැම්ම
නුඹ හැදු සමුදුර
අමන තක තිරුවන් රැළක්
හදන්නට පාරක්
ඇවිදින්න සුද්දන්ට
ඩොලර් වැහි වස්සන
උරුමය ට ගරු නැති
තෙල් මන්ද ආරපු
දේශයෙ අමනයන්ට

බත දෙනුව දරුවන්ට
පණ දුන් කෙතේ නිල් ගොයම ට
දියවරෙන් බත් කෑ
ඔබ පරපුරේ දරුවන්ගේ දරුවන් ගේ
දරු වන්
වියරු වූයේ මෙලෙස
කෙලෙස දැයි කියනවද
නිරිඳුනේ මට

වැව් බැම්ම සලපතල
රළ පනා සුන් කොට
ජෙසිබි කැටපිලර්
යකඩ අත් වලින්
හදන්නේ පාරක් ලු
බලාගන් පැරකුම්
සොයනවා වාගෙයි
එකල නුඹ නිදන් කළ
බවට උන් සැක කරන
රන් රුවන් මුතු කැට

හැංගුව ද ඇත්තටම නුඹ ඒවා
නොකරන් ඒ වගේ මෝඩකම්
ආයෙ මෙහෙ උපන්නොත්

කෑ පතේ පහරන
මුන් විජයගේ මුනුපුරන්

ඩොලර් රුපියල් කොල
දැකලා වල්ගය වනන
අඳ ව ණය ගැති බව ට
ඔබට ඔබ දුන් වැවට
මෙතෙක් නෑ හැම බත් ඇටයට
උදරය වුනත් පලාවි
උන් මෙලොව දිනු මවගේ
ළය වුනත් පලාවි
කිරි බීපු දෙතැන මැද
හිතුනොත් ඇතැයි සැඟවී
විකුණා ගත හැකි යමක්

මේත් අපි හැමදාම පාරම්බාන
දෙදහස් පන්සිය යෙ දරුවෝ ද

20-08-2021

අප ඇස් ඉදිරිපිට මේ රඟ දැක්වෙන්නේ
තෘෂ්ණාවෙන් අන්ධ වූ නරුමයන් ගේ
රංගනයක් ද
මිල කළ නොහැකි දෙයක් මෙලොව නැති ද