
අසරණ කළ මිහි මවුන්
කැළි කසළ දම දමා
මිහි මවුන් ලෙඩ කළා
හති වැටුණු ඇගේ හද
පෑරුවා…
සතුන් හට සෙවන දුන්
ගහකොළ ද සිඳ දමා
රිදවුවා මිහි මවුන්
හැඬවුවා…
නිල් දියෙන් එළිය වුණු
ගංගා ද ඇළ දොළ ද
සිඳී ගොස් මිහිතලය
වැනසුනා…
සොඳුරු සුව දසුන් මැවු
පරිසරය අඳුරු කර
දනන් සිත් සේ සුවෙන්
වැජඹුනා…
පණ අදින මිහි මවුන්
ජීවිතය අයදිමින්
තව තවත් සියලු දේ
ඉවසුවා…