ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අයිතිය

අයිතිය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2024-June

මේ තමයි කඩුපුලේ මලට හිමි සම්මතය
රෑ පිපුන මුත් සුදට දවාලට හුරු නැතිය
නෑවෙමින් එක දිනක කඩුපුලක විඳි සුවය
බඔරු ලිව්වා මතින් එළිසමය නැති කවිය

හඳ නාව දිනට පෙති නොපෙන්නුව කඩුපුලේ
අයිතියක් නැති බවද ඉඟියකින් සැල කළේ
කලබලෙන් ඇයිද මේ බඹර කැල සිටුකුලේ
දන්නෙ අද වෙන්න ඇති හඳට අයිතිය මලේ

AnA 2024