ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා
2022-February

ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත
නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත
ගොඩින් නැව දියෙන් රථයද නොයනු ඇත

ලොවින් එක අයෙක් එක දෙයකට සමත් වෙයි. අනෙක්
කෙනෙක් වෙනත් දෙයකට සමත් වෙයි. බොහෝ සුළඟ
හැමුවත් තද ග්‍රීෂ්මය තිබුණත් නැව ගොඩබිමිනුත්
රථය ජලයෙහිත් ගමන් නොකරයි.