ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැසි වසීද මන්දා

වැසි වසීද මන්දා

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2022-March

වසින්නට සිසිල බෙද සැරසුනත් දාහෙට
ඉසින්නට ඇරයුමක් නොලද හිත් යායට
බින්දින්නට නොහැකි සීතල බැඳුනු හීනෙට
වැටෙන්නට බැරි වැස්ස මිදී ඇත සීලෙට

බිඳින්නට සම්මතේ වටකරන පවුරූ
බැඳෙන්නට ඔනේමලු ගඟ දෙපස ඉවුරූ
විඳින්නට නොහැකි ආදරය රස මියුරූ
රිදවන්න දන්නවා හිතක දුක ඇතිරූ