ජීවිතය ගයන්නී …
දෙසවනින් වැළඳ
හදවත් සිසාරා සක්මනක කර …
ආදරය බෙදා, දුක් සුසුම් තුනී කරනා
ඒ හඬ නින්නාදව
තවමත් තවමත් …
නින්ද නැති දිගු රාත්‍රීන් තුලද
විඩාබරවූ මද්දහනටද
සංගීතයේ රිද්මය තැවරූ
ස්නේහයේ ස්වරයෙන්…
සුවහසක් සහෘද සිත් සනසා…
ඒ මාධූර්යයේ
සුමධුර ගැයුම ඔබය …
සත්‍යයේ ගීතයක සැඟව ඇති
ජීවිතය … ඇසේ ඔබේ හඬ තුල
නන්දා මාලිනියෙනි, මේ ආදරය ඔබටයි!