ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිනි මකරාගේ දවල් හීන

ගිනි මකරාගේ දවල් හීන

උදයංග අමරසේකර - ප්‍රංශය
2021-November

ඇගෙ නාඹර නාභිය තුළ

සිත් සේ වක ගැහී නිදන

ගිනි මකරා වෙමි ය මම

වින්කලය ළඟ

තනි කකුලෙන් හිටගෙන

කොට කලිසං කොරවක්කෝ

ඇගෙ ඉඟ සුඟ ගනිති ඇහින

උන්ගෙ සල්ලාල විසිල්

මගෙ නින්ද කැඩුයෙන්

හීන් ගිනි ධාරාවක් විහිදුවා

උන්ව කරකර බුදිනු රිසියෙමි

ෆ්රයිඩ් චිකන් මෙන් !

සිතුවම : කත්සුෂිකා හොකුසායි (Hokusai), වළාකුළු තුළ සැඟවුණු මකරා, ජපානය, 1849.