ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි

Category: සුභාෂිතයේ සිත් ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටිතුමා
අලගියවන්න මුකවෙටිතුමා
කලාපය: 2021-July

නුවණෑත්තවුන් පහකොට දුදනන් සෙවුන
නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින
මැදහත් නොව මසුරු ගුණයෙන් දවසරින
රජුටත් එරටටත් අතුරක් නැත වෙතින

ඥානවන්තයින් ඉවත් කර අසත් පුරුෂයන් ඇසුරු කිරීම
නෙලුම් කොළයෙහි ජලය නොරදන්නාක් මෙන් සිතෙහි
ගුණ රැඳීමක් නොමැති වීමත්, මධ්‍යස්ථ බව නැතිව මසුරු
ගුණයෙන් කල් ගෙවන රජුටත් රටටත් ඔහුම මිස වෙන
අන්තරායක් නැත.

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා
අලගියවන්න මුකවෙටි තුමා
කලාපය: 2021-June

තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැණ ඉවසනු සුදන ගරු කම
නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
විළින් මෙන් තඹුරු මුකුලිත වේය හැම

තමන් හා සමාන නොවන්නන් සමාන බවට
පත්වන කල කතා නොමැතිව සිටීම සත්පුරුෂයාගේ
ගෞරවයට හේතු වේ. ප්‍රමාණයක් නොමැති කුමුදු
පිපෙනවා බලා නෙලුම් ලැජ්ජාවෙන් හැකිලෙයි.

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටිතුමා
අලගියවන්න මුකවෙටිතුමා
කලාපය: 2021-May

බුදුන් දහම් සඟනට නොකෙළෙද අදර
නිවන් දකින පිනකුත් නොකෙළෙද පවර
ලියන තන නොසිපියෙද සිහිනෙන් විතර
උපන් මව යොවුන් වනයට පොරෝ යුර

යමෙක් බුද්ධ,ධම්ම, සංඝ යන තෙරුවනට ආදරය නොකළේ ද,
නිවන් දක්නා උතුම් පිනකුත් නොකළේ ද , ස්ත්‍රීන්ගේ පයෝදර
සිහිනෙන්වත් සිප නොගත්තේ ද එවැනි තැනැත්තා මවගේ
තරුණකම නමැති වනය විනාශ කර දැමූ පොරොවක් වැන්න

සුභාෂිතයේ සිත්ගත් කවි – අප්‍රේල්

අලගියවන්න මුකවෙටි තුමා
අලගියවන්න මුකවෙටි තුමා
කලාපය: 2021-April

පරසිඳු පබු දනන් සෙව් පමණින් මහරූ
බෙලෙනිඳු මඳ වුවත් නොකරති රුපුන් සරූ
බරනිඳු ගෙල වෙසෙන නා රද වෙමින් ගරූ
ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු

ප්‍රසිද්ධ ප්‍රභූ ජනයා ඇසුරු කල තරමින් දුබලයෝ
තම සතුරන් ගණන් නොගනිති. ඒ කෙසේද යත්
ඊශ්වරයාගේ බෙල්ලෙහි සිටින නාග රාජයා තම
සතුරු ගුරුලා වෙතින් දුක සැප කෙසේදැයි ඇසූ
අයුරිනි.

සටහන: තනිව සිටිය දී නයා ගුරුලාට අසුවුනහොත් කෑල්ලක්වත් ඉතුරු වන්නේ නැත. සුභාෂිතය ලියූ සීතාවක යුගයේත් අදත් වැඩි වෙනසක් නැත.

සුභාෂිතයේ සිත් ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා
අලගියවන්න මුකවෙටි තුමා
කලාපය: 2021-March

කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති
ලෙසින් විදුලි දිලි කග පත් ලෙළ කෙරෙති
කගින් කග පහර වැද නැඟි පුලිඟු ඇති
සටන් බිම’සි ගත් සෙබළෝ දුලබ වෙති

කාන්තාවන් අතරේදී ද සභා තුල ද නිතරම බොහෝ සේ
විදුලිය මෙන් දිලිසෙන කඩුපත් ළෙල දෙවති. එහෙත්
කඩුවෙන් කඩුව ගැටී නැඟුණු ගිනි පුපුරු ඇති යුධ පිටියේ
කඩු ගත් යුද බටයෝ දුර්ලභ වෙති.