ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රටක් කොහි ද නිදහසෙ මල් පිපෙන්නට

රටක් කොහි ද නිදහසෙ මල් පිපෙන්නට

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
2023-September

රටක් කොහි ද නිදහසෙ මල් පිපෙන්නට
පාණදුරාවාදයෙ ජය නොවන්නට …?

ගම දෙස රැස යට කළ රුපු වැටෙන්නට

බිම දැමු සුදු අදිරද බල බිඳෙන්නට

සැම අත දැයෙ නිදහසෙ මල් පිපෙන්නට

කෙම ජය පාණදුරයෙනි යළි නැඟෙන්නට …!

කම හෙළ-බොදු පැවැති දුබලව නැසෙන්නට

ඉම කොණ යටත් යුගයෙහි නැති පෙනෙන්නට

නිම වෙ ද අපල අදිරද බැමි සිඳෙන්නට

එම සියවස-එකඩ පෙර ජය නොවන්නට ?

පෙම දෙස යළි වියැකෙන’යුරු පෙනෙන්නට

සැම යුතුකම උවදුරු නෙතු දකින්නට

නොම දෙමු ඉඩ සෙවෙර දැයෙ සෙට බිඳෙන්නට

බිම සුරකිමු පුතුට හෙට ලොව දිනන්නට ….!

2023 අගෝස්තු 26