ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එක් දින සිහිනය

එක් දින සිහිනය

ශ්‍යාමලී මනෝජා මල්වත්ත මොහොට්ටි - ශ්‍රී ලංකාව
2022-March

ලන්දේසි කොටු බැම්ම උඩ
රජවරු බිසෝවරු
කැමරා කාචයට සිනාසේ……

හැර හැරීී බලමින් එදෙස
පාසලට ඇදෙන බාලිකාවන්
මග හරිමින් වාහන පෙළ ඇදේ…

පැය ගණන් වැයකර
පෙරදා රැයෙහි සිට නිදිවරා
වතෙහි සිතුවම් ඇදේ….

ඒ පාට බොදකරන්නට
කරදිය වැල සිඹින වලාවෙන්
වැහි බිදු එක දෙක වැටේ…

රජවරු බිසෝවරු එකගොඩේ
පරිවාර සේනාවද සමග
ලන්දේසි අගුපිලේ ගාල් වේ….

දහස් ගණනින් ණයව ඇන්ද පිළි
ගලවා තබා හෙට දිනේ සිට
ජීවිතේ ගෙවන්නට සිදුම වේ….