ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඡිවිතයේ අභිමන්

ඡිවිතයේ අභිමන්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2023-September

සන්සුන්ය සිත සැනසිල්ලේ
නොඇසේ හඬවල් ධාවන පථයෙන්
ඒත්,…….
හද කකියනවා ……..
සිහි වෙද්දී කුරුලු රෑන්,…….
කිචි බිචි නාදය මිදුලේ,..
අවදි කරයි අප උදැසනින්ම
මිදුල පුරා තරඟෙට ගනිමින් අහර
ගී ගයා සතුටින් රැගුම් පාමින්
සිරියාව ගෙනාවේ හදට,….
අත් හැරියා හැම දෙයම,…….
සිත හරිම සන්සුන්,……
ඒත්,……..
තවමත් බැහැ
අමතක කරන්න කුරුල්ලනේ,…….
කවි ලියැවුණා සිත පුරා මනරම්,…
ලොවට දකින්නට …….
කුරුල්ලනේ ඔබගේ ලොවෙ කිමිදෙමින්
අපෙ නව නිවහන තුන් වෙනි මාලයේ
කවුළු තුළින් ඈතින් දිස්වන කඳු යාය
තුරු ලතාවන් පිරී……
හරිත පැහැය නෙතට ගෙනදෙයි සිසිල
පාවෙනා නිල් වලාවන්,…… ..
නෙතට ගෙනදේ සිසිල

කඳු පාමුලට විටෙක මහ මුහුදෙන්
ගලා එන ජල කඳ…..
සුළඟට මුසුව සිසිලස ගෙනදෙයි සිතට,……
භාවනාවෙන් ලබන ශාන්ත සුවයක් ලෙසින්
ගත සිත පිරී යයි හැම විටදී,…….
පුතුගේ අපේ රත්තරන්,……
සතුටු වුණා හද පත්ලෙන්ම
Step up කරයි කියා අපෙ දිවිය ඉදිරියට,…

විවිධ මත නාද පැවසෙන විට…..
ගත් පියවරට එරෙහිව
මිතුරිය මගෙ නීතිඥවරිය
Brilliant thing you did,. …
සැනසුවා මා හද සුව පැන් ඉසිමින්,… …

20/08/2023