ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල්වන්ව දිදුලන අරි රත්නයකී…!

සුනිල්වන්ව දිදුලන අරි රත්නයකී…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2023-July

“ලොවින් එකෙක් එක දේකට වෙයි සමත…”
කවින් එසේ කියුදේ , බොරු කළ
උපත…
රුවින් සොඳුරු වියතෙකි බෝ දෑ
උගත…
මුවින් මඳහසකි හැමවිට, සේ සියත…

සුනිල්වන්ව දිදුලන අරි
රත්නයකී…
සිහළ් බසින් එතුමා කෙළ
පැමිණියකී…
විසල් දැනුම බෙදනා බව නොරහසකී…
ඇසිල්ලකින් ගී පබඳින
රසවතෙකී…

දමිළ බසද හසුරන එකසේ,
වියතා…
අමිල සම්පතකි ඉපදුන මේ
දියතා…
නිමල හැඟුම් පිරි නිමැයුම් සේ
සියතා…
ඉපිල යවයි ගැයෙනා කළ , ඒ
නියතා…

සිනමාවට කරැති මෙහෙවර අපමණය…
මන පිනවනා කෘති පහදයි
සිතෙ විනය…
එනමුදු නිහතමානිත්වය ,
මුදුගුණය…
යන මාවත එළිය කරවන
දැයෙ මිණය…

අප රටෙ පිනට පහළම වුන චරිතයකී…
කැප වී ⁣කරන සේවය
මහඟුම දෙයකී…
ඉපදුන මහේ සුබ පැතුමද යුතුකමකී…
සැප සුව දිගුආයු අවමය
සියවසකී…!