ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිරි යහන

සිරි යහන

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2022-November

සොම්නසින් කිති කැවෙන
දොම්නසින් දෙපසට හැරෙන
දුක සැප සතුට නොසතුට
එක ගලේ අඹරන
අඬන හිනැහෙන
රවන ගොරවන
විඳින විඳවන
තැලෙන පොඩිවෙන
රිදුනු තැන් පිරිමදින
නොරිදෙන තැනුත් රිදවන
අඩු පාඩු ප්‍රතිපූරණයවන
අරුම පුදුම තැන

සිරි යහන

24-10-2022