ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගස

ගස

උපාලි අත්තනායක - මහනුවර
2022-November

සාරය උරා ගෙන
මහ පොලොව පුරා මුල් යවා
සවිමත් කලා
අතූ රිකිලි
මලක් බිහිකර ගන්ට

මලක් බිහි කරගන්ට
අයිතියක් ඇත ගසට
ගස දන්නවද
මල ලස්සනද සුවදද

මල් පිපී ඇත රුවට
පළදින්න ලස්සනට
මල් පිපී ඇත සුවද
බඹරුන්ට රොන් ගන්ට

තවත් ගෙඩි හටගන්ට
ගසට ඉඩ දෙන්නෙ නැත
මල් කැකූලු කඩන්නට
අයිතියක් නැත අපට
කතා නොකලාට ගස
රිදෙන්නට ඇති නේද