ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳ

සඳ

වෛද්‍ය ශානිකා ඇන්තනි - එක්සත් රාජධානිය
2021-March

නිල් කැටි ගුවන සඳ වතුරෙන් දෝවන්නයි
රෑ තනි අහස සඳ සිසිලෙන් සැනසෙන්නයි
හිරුගේ රැස් සඳු ලඟ නොම නතු වෙන්නයි
පිදු දේ සුදුයි, සුවඳයි, ඇය රූ බබලන්නයි

මුදු සඳ කැන් හැම දන මන පුබුදන්නයි
හඳ හාවා ලපටි ලමා හද බැඳ ගන්නයි
සඳ එලියේ බුදුන් පුදට මල් ගෙන යන්නයි
මනුලොව හදවත් සෙනෙහෙන් වෑහෙන්නයි

සුව මිහිරියි සිත දැහැමියි කල් යල් යන්නයි
වත එලියයි ගත අඳුරුයි ආවාට ලැගුම් ගයි
රිය සක ලෙස ලොව්තුරු සසරක හමු වන්නයි
අමාවකින් පුරහඳ වෙත ආලෙ පුරන්නයි

අරුත
සඳ ලලනාවක් නම් ..

නිල් කැටි ගුවන සඳ වතුරෙන් දෝවන්නයි
නිල්පාට අහස සඳ එලියෙන් දෝවනය කරන්නයි

රෑ තනි අහස සඳ සිසිලෙන් සැනසෙන්නයි
තනිවුනු රෑ අහස සඳේ එලියෙන් එලියවී සැනසෙන්නයි

හිරුගේ රැස් සඳු ලඟ නොම නතු වෙන්නයි
හඳ එලිය දෙන්නෙ හිරුගෙන් ලැබෙන රැස් දන් දෙන නිසයි. සඳ සේම ලියත් අලංකාර වන්නේ සහජයෙන් හිමි ලෙස දරුවන් ලොවට දානය කිරීමෙන් සහ ආදරය , කරුනාව , දයාව , මෛත්‍රිය ද බෙදා දීම නිසයි.

පිදු දේ සුදුයි, සුවඳයි, ඇය රූ බබලන්නයි
ද්‍යානමය සිත පිරිසිදුයි, සුවඳවත් , දානමය සිත ඇත්තී රූපයෙන් අනූනයි ඇතුතින් හා පිටතින් දෙකින්ම සුන්දරයි.

මුදු සඳ කැන් හැම දන මන පුබුදන්නයි
මෘදු සඳ රැස් ජනයාගේ හිත සුවපත් කරයි ඒ වගේම සුන්දර ලලනාවෝ ද දැකීමට ප්‍රියයන්ය.

හඳ හාවා ලපටි ලමා හද බැඳ ගන්නයි
හඳේ හාවාගේ හැඩය දරුවන්ගේ හිත් ගනී ස්හ කාන්තාවද දරුවන්ගේ ආකර්ශනය ලබයි

සඳ එලියේ බුදුන් පුදට මල් ගෙන යන්නයි
(A Physical cultural tradition of the full moon day)-direct meaning n මවක්/ලියක් තමයි සාමාන්‍යයෙන් පවුලක ආගමික/අධ්‍යාත්මික ගුණ වගාවට පණ පොවන්නෙ.

මනුලොව හදවත් සෙනෙහෙන් වෑහෙන්නයි
හඳ, මුදු සියුමැලි බවින් සෙනෙහස පානා සේ මිනිස් හදවත් ආදරනීය පිවිතුරු ලලනාවන්ගේ/ මව් වරුන්ගේ ආදරයෙන් උතුරා යන්නයි

සුව මිහිරියි සිත දැහැමියි කල් යල් යන්නයි
හඳ හා ලලනාව දෙපලම කල් යන විට ඉහත කිවූ ලෙස එහි සූව මිහිරි බව චංචල වේ

වත එලියයි ගත අඳුරුයි ආවාට ලැගුම් ගයි
හඳෙහි එක් පැත්තක් පමනයි අපට දකින්න ලැබෙන්නෙ , දකින පැත්ත මුහුන නම් අනික්පැත්ත සිරුර ලෙසයි මා දකින්නෙ. ලලනාවගෙ සිරුර වියැකී යයි හරියට හඳ ආවාට (කැලැල්- කලු පැල්ලම්) වලින් සමන්විතයි වගේ.

රිය සක ලෙස ලොව්තුරු සසරක හමු වන්නයි
ජීවිත සංසාරෙ රෝදයක් වගේ

අමාවකින් පුරහඳ වෙත ආලෙ පුරන්නයි
අමාවක සිට පුර හඳ එන තෙක් ඉන්නා සේ ලලනාවත් නීරස සිට රස තෙක් පෙරුම් පුරයි . දුකින් සැප ද, කනස්සල්ලෙන් සංතෝෂයද, අග හිඟ කමින් සමෘදිය ද ප්ප්‍රාර්තනා කරයි.