වීදියේ දරුවෙකුගේ හඬ…..
අම්මගෙ උණුසුමෙන් ටික දිනකින් මිදුනා
පියෙකුගෙ සෙනෙහසක්
කිසි දින නැත හඳුනා
කෙනෙකුගෙ යමක් ලා
ගෙන ගත විළි රැකුණා
මහ මග පිහිට ලැබ නිති
කුස ගිණි නිවුනා…….
කොතැනද වරද කාගෙද
බව නැහැ දන්නේ
විසුමට තැනක් නැත මහ
පාරෙයි ඉන්නේ
සැම විට කාණුවක් අද්දර
හිඳ ගන්නේ
දවසම මෙලෙසටයි දිවියට පණ දෙන්නේ…….
රසවත් යමක තතු දිව
හඳුණන්නෙ නැතී
අකුරක් පොතක දැණුමට
බොහො ඇතිය බැතී
උණු බත් කටක සුව දුටු
සිහිනයෙක එතී
මගහොත් කරාමෙයි පිහිටක් වෙන්නෙ නිතී……
වැස්සක් අවුව ලැබුනත්
ඇඳි වතම පිටින්
සිසිලත් උණුසුමත් විඳ ගමි පුරුදු ලෙසින්
සෙවණක් සොයන් මග තොට ඇවිදලා ගොසින්
සරණක් නැති මෙමා
වැළැපෙමි සැළෙන හදින්..
ශ්‍රී ජයවර්ධනපුර.