ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි
2023-March

පෙර එක් සඟේක් සඟ ගණහට බැණ නපුරූ
නිරයේ වැටී බිම සත්ගව් වැඩෙන තුරූ
ගොර දුක් විඳි තව පේත ව සිට කුරිරූ
පරහට එයින් නො කියව් බස් නොපියකරූ

පුර්ව කාලයෙහි එක් සඟ නමක් මහා සංඝයා වහන්සේලාට
නපුරු වූ පරුෂ වචනයෙන් බැණ නිරයෙහි වැටුනේ ය.
අවුරුදු දහසකට අඟලක් වැඩෙන මහ පොලව සත් ගවුවක්
වැඩෙන තුරුත් හෙතෙම එහි දුක් විඳ, නැවත ප්‍රේතයෙක් ව
අදත් දරුණු දුක් විඳියි. එහෙයින් අනුන්ට ප්‍රිය නැති වචන කතා
නොකරව් !