ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැජිනමය ගී ලොවේ අප ලද

රැජිනමය ගී ලොවේ අප ලද

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2023-December

නෙක විහග ගී හඩ මැද
මියුරු වූ මනරම් කොවුල් නද
සවන් පත් තුඩ තුඩ රැදෙන සද
යොවුන්වේ මය නිබද මා හද

සුපහන් වූ සොදුරු ගී නද
කහවණින් මිලක්‌ වී නොවුවද
මාලනීය නම් ලද සොදුරු ලද
රැජිනමය ගී ලොවේ අප ලද

කඩ මණ්ඩියේ උඩගුලියන් දුටුවද
අරලිය ලන්දට පැයු පුරහඳ
පවනක්‌ වී බැමි යදම් බිද බිද
සිහනද ලෙසි රට පිබ්දු රන් ලඳ

ශ්‍රියානි උඩගoගොඩ
මහනුවර