ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“මානිවත්ථ අභික්ඛම”

“මානිවත්ථ අභික්ඛම”

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2022-March

ජීවමාන පිය සටහන් රැඳි සේම
ඩෙස් පුටු බංකු පාසල් මව් පියස
රැඳෙනා ඉසව්වේ නොනිඳන හිත තුලම
ආදර සෙනෙහෙ ගඟුලකි නොසිඳෙන උල්පතකි

මුල් පුටු පේළි වල රජ කළ දළ ඇත්තූ
මාළිගාවෙ පෙරහැර දා බලවත්තූ
අන්තිම පේළිවල අසරණ දුක් ගත්තූ
දරුවන් හන්ද අපෙ පාසල නම ගත්තූ

ඊයෙ දවස දෙස හැරිලා බලන කොට
හද පිරි සුවඳ අමතක කරමුද කෝම
ලොප් වීමකින් තොර යන්නට ඉදිරියට
ඔබ දුන් හඬට මං තවමත් ණය ගැතිය

මගෙ විදුහල් මෑණි වෙත මං යන දාක
ඩෙස් පුටු බංකු ටික ගුරු දෙගුරුන් එක්ක
දුන් සුවඳම එදා ජීවන පුසුඹක් සේම
යළිඳු දෙන්න මගෙ හද පුරවා ගන්න

සිල්ප සතර දී දැනුමින් මා ලොකු මහත් කළ
ගාල්ලේ මීපාවල අමරසූරිය මහ විදුහල්
මෑණියන්ට මගෙන් ගුරු පූජාවක්

2022.02.18