ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රටක් තෙත් කර කඳුලින් නිවී ගිය නිහාල් නෙල්සන්

රටක් තෙත් කර කඳුලින් නිවී ගිය නිහාල් නෙල්සන්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2023-January

අපා දෙපා උපා පවා මිහිරට ඔබවාගේ පපා මධුර තණු ගී ගැයූ කලතා රස ඕගේ
කපා කොටා මරණා බව දැන දැන ඈගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
—–
ඇස් දෙකට නැගුණ දසුනෙකි ඔබ කාටත් මනකල්
විස්මිත රංගන අංගන සතුටකි සැමකල්
විස්වාසෙන් ගැයූ මුල්ම ගීයෙහි පදවැල්
ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දියවැල්
—–
පිනේ තරම කොතරම් දැයි ලැබුව උදාරයි
පෙනේ ගීත ගැයූ මුවඟ රැදුණු සිනාවයි
වනේ සියොත් පවා ඇසූ සුසර රටාවයි අනේ අවදි නොවේ කුකුළ් නින්ද හමාරයි
—-
සසරගතව ආවේ දිලෙමිනි ගී අඹරේ සුගුණගතව ජීවත් වූ මිනිසෙකි මිතුරේ
සවස්ගතව මිය ඇදුනත් කම් පල අතරේ
අනවරතව සිටියේ ගුණෙ අයියගෙ කාමරේ

අගරජු වී කැසට් ලොවේ යුගයක පෙරදා මඟ තුළ ඔබ සිටියේ ලෙස අහසෙහි දිනිදා
ළඟ අද නැතිමුත් සිරුරෙන් හඬ ඇත සැමදා
වගතුග පත්තරේ ගැයූ නොමියයි කිසිදා
—-
හදවත නිම්නාද දිදී ඇත ස්වර ඔපලා
සඳවත ඔබ දිහා බලයි රන්තරු වටලා මුවවිත විස්වටටම දුන් රසුදැල් සලලා ජනගත කළ කස්තුරි වගෙ රසයිනෙ බයිලා
——-
යක්කු සත්තු පවා හඬට සවන් යොමනවා
මුක්කු ගසන්නට හෙම ගී ස්වර නොගයනවා
කොක්කු ගුවන් ගැබ නිසලව හඬට බැදෙනවා
කුක්කූ කූ.. කුක්කූ කුකුළා හඬනවා
——
බේරී බේරී ගලාපන්කෝ ගී සර ආලේ
සීරී යස්ව බලාපන්කෝ නෙත් හැර දෑලේ නාරි දේහ මවාපන්කෝ කාලෙට තාලේ
මේරි මේරී නටාපන්කෝ ගෙයි මැද සාලේ

21/12/2022