ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ග්ලාස්ගෝ බස් එකකදී

ග්ලාස්ගෝ බස් එකකදී

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2023-July

බස් එකකට නැගගෙන
ඉඳ ගත්තා ඉඩක් තියෙන
පිටිපස්සෙම ආසනයක

දම් කොල රතු නිල් අතරින්
දුඹුරු, රිදී කහ පාටින්
දැක්කා එක දෙක සුදු ඔලු

හිටගෙන ඉඳගෙන යද්දී
ලංකාවේ බස්වලදී
ඇහැට පුරුදු දැක කලු ඔලු

දේදුන්නක් මතක් උනා
හිතටත් වෙනසක් දැනුනා
මගේ ඔලුව විතරයි කලු*

(* දැන් නෙමෙයි 1979 දී 😁)