ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යුතුකම් බණ

යුතුකම් බණ

රේණුකා බණ්ඩාරනායක - පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාව
2021-January

ඊයේ රැයේදී තිබුණ බණක්
බිරිදගේ යුතුකම් සැමට කියන්නට
දැස් පියාගෙන අහගෙන හිටියා
සැමියාවරු එය සිතේ දරන්නට

එකතුව අප ආ ඒ දිගු ගමනේ
බර දැරුවේ අප එක විලසින්මයි
කාල වේල තිබුණේ නෑ අපහට
සැමියාද බිරිදද කියා සිතන්නට

ජීවිතයේ බර එකට දැරූ අපි
යුතුකම් එකසේ සිත වෙත ගන්නට
හාමුදුරුවනේ බණක් දෙසණු මැන
සැමියාටත් යුතුකම් පහදන්නට