ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යශෝදරාට……..

යශෝදරාට……..

චමිලා නවගත්තේගම.- ලන්ඩනය
2021-August

කිව්වොත් යනව කියලා ඔබ    අතහැරලා
යන්නට පමා වෙයි කියලා මම          සිතලා
කිව්වෙම නැතිව හිමිහිට නුඹේ හිස සිබලා
ගියා ඉතින් බව කතරේ සැප         සොයලා

යශෝදරා දේවිය නුඹ මගෙ               වීලා
සිටියා සෑම බවයෙම සවියක්            දීලා
දිරියට සවිය අද දිනයෙත් ඔබ           දීලා
අවසන් බවය අපි සොයමුද    වෙහෙසීලා

සැමදින හඬන්’නැති මම ගිය බව      සිතලා
දරුවා තුරුළු කර කවි ගෙත්තම්     ගොතලා
සැනසුම සතුට මා හට හිමි වෙයි        කියලා
වගුරා තුටු කඳුළු හිනැහෙන්’නැති  මැවිලා

හැම තැන සොයන මිනිසුන් අත යශෝදරා
බිහි වී සිටියෙ මේ පොළවේ අතැඟි      දරා
කාලය ගියත් අද දිනයෙත්          යශෝදරා
ඉන්නවා එමට පිළිගන් නෑ  සිතෙන්       දරා