ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යන්නට පෙර…..

යන්නට පෙර…..

හේමා ඩෙප් - ලන්ඩනය
2023-August

අන් සතු දෙයට ඉරිසියා නොකරන් ට
තම සතු දෙයින් සැනසීමට පත් වෙන්ට
තියනා දෙයින් දන් පින් කර ගෙන යන්ට
මෙය හොඳ වෙලාවක් පාඩමකට ගන්ට

මිනිසත් බව ලබා ගෙන මහ පොළොව පිට
කළ පින් හැටියටයි අපි ඉපදුනේ රට
දුප්පත් වුනේ දුන් දේ ඇත මදි වෙන්ට
පොහොසත් වෙලා ඉන්නේ දී ඇති වෙන්ට

රුව ඇති නැතිව මෙිි ලොව අය ඉපදෙන්නේ
කළ පින් පවෙන් මිස නැත එය ඇති වන්නේ
රළු ගති සියුම් ගති නිතරම හිමි වන්නේ
එන විට ගෙනා පෙර පුරුදුයි පෙන් වන්නේ

සවනට මිහිරි දේ නිතරම පවසන්නේ
ලස්සන හැඩ රුවට සැම දේ හිමි වන්නේ
කර ඇති පින් අනුව මිස නැත ලැබ ගන්නේ
ඉන්නා ටික දවස සුන්දර වී යන්නේ

ඉන්නා විටදි දන් දී පින් කර ගන්න
කරගෙන ගිය දෙයක් මිස නැත ලැබ ගන්න
බැරි වූ නිසා කිසිවක් කර ගෙන යන්න
මළගිය විටදි කාටත් බැහැ පින් දෙන්න