ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ යුගයේ සත්‍යවාදී මිනිසා

මේ යුගයේ සත්‍යවාදී මිනිසා

නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
2023-July

ඔහු සුනිල්වන් අහස මෙන් පැහැදිලියි, විවෘතයි, අනන්තයි
ගැඹුරු පොලෝගැබ බිහිවූ මණ පාෂාණයක් බඳුයි
මිනිසා හඳුනන ජීවිතය හඳුනන මහැදුරු කලාකරුවා ඔහුයි
යථාර්තය අගයන සත්‍ය ගරුකරන
අවස්ථාවෝචිතව නිහඬවන මේ යුගයේ සත්‍යවාදියා ඔහුයි.