ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මල සහ වියපත් බඹරා.

මල සහ වියපත් බඹරා.

ආරි ලියනගේ - ඉතාලිය
2023-August

බමන විට ගුම් නදින්
හැකුලුවේ නුඹ පෙති සැනෙන්
නැවුම් සුවඳවත් රේණු පෙති වල
මුසු කලේ නැහැ සුලඟට හොරෙන්
කෙසේ හඳුනයිද නුඹ මා
නුඹත් පිපුනේ අද උදෙන් වූ
නත් වියපත් රොන් සොයා යන
මමත් බඹරෙකි මේ කැලේ.

නුඹ සනුහරෙ මේ කැලෑ වල
ජනිත කෙරුවේ බොහො කලේ
නැගූ ගුම් නඳ එදා කල මා
තවම රැව්දෙයි අහස් තලයේ
රේණු නොතලාම නුඹ හට
දෙන්න අවසන් හාදුවක්
වසාගත් සිනිදු පෙති ටික
ආඩම්බරයෙන්ම ඇරපන්
යලි වසන්තයක් නොඑයි මට
මොහොතකට ඒ ගැනත් හිතපන්.