ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මකුළු දික්කසාදය

මකුළු දික්කසාදය

වරුණ ජයසිංහ (එක්සත් රාජධානිය)
2021-February

ගොදුර බදනුව බැඳපු දැල, ඉන්
මිදෙන ගොදුරෙන් බිඳෙන’යුරු දැක
හැඟිනි, ගොදුරට වඩා මා බැඳි
දැලෙහි විසිතුර මට අගේ බව.

බැඳුම් විඳි ඇගෙ සරොස් කඳුලට
මගේ ළතැවුල මුසු ව වැගිරුනි
යලිදු නොබඳිමි බිඳෙන දැල්, මේ
හැලුණු කඳුලැල් හොඳටෝම ඇති!