ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිවී ගිය බන්දුල පද්ම කුමාර

නිවී ගිය බන්දුල පද්ම කුමාර

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2022-March

උදා ළාහිරු කිරණ මැද්දේ
කාලයක් තුළ පුංචි තිරයේ
රසික නෙත් අංජනය කරමින්
මුල්පිටුව, මුල් පුටුවෙ රැදෙමින්
එකින් එක ජාතික පුවත් පත්
අතින් ගෙන මුදු සිනාවෙන්
රටම දැණුවත් කළා නොවැ ඔබ
අළුත් ගමනක් අරඹමින්
මුද්‍රණය වූ පුවත් පත් පිටු
මුලින් දර්ශන තල මැදින්
විවරණය කළ අළුත් මාවත
මැදි සිතින් මතු බලා උන්නේ
බොහෝ රූ නාලිකා ඔස්සේ
එයමැ ජන සිත් පුබුදමින්
ගලා ගෙන ගිය රැස් ප්‍රභාවයි

පුවත් පත් දෙටු නියමුවාණෝ
සරසමින් සිනමා පුවත්පත්
කරලියට ගත් ‘කුමරි’ ගීතා’
එදා ජනගත වුණේ අපමණ
රසික සිත් නන්දනය කරමින්
ආ මඟෙහි පන්නරය ලබමින්
උදා කෙරුමට බිහිදොරක් වුණෙ
“කුමරි” හා “පතිපතිනි සගරා”
ඔබේ රැකවරනය තුළින්

සබාපති ලෙස පත්වෙමින්
පුවත්පත් මහගෙදර බැබළූ
කලක් කාගෙත් ආදරය ලත්
මේ සුපිප්ෂිත පද්ම කුමරුන්
බැසගියේ සිටි, නමින් බන්දුල
තරු වටා වුන් පුරහඳක් වන්
පුවත්පත් නිල් අඹර සරසූ
ඝන වළාවක සැගැවෙමින්

24.2.2022