ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පිබිදෙන්න කැකුලක්

පිබිදෙන්න කැකුලක්

රත්නපාල ගමගේ- ස්විට්සර්ලන්තය
2021-July

මීදුමට සැගවුණු
පිණි තැවරි කැකුලක්
පිබිදෙන්නට කැසකවන
හිමිදිරිය ඇවිදින්

ලංව හිමිහිට
සුවඳ දී නැහැයට
රහසේ කැකුළු තුඩ
අයදමින් ජීවිතය
විඳින්නට නිබදවම
හුස්ම පොද රහසේ
ගිම්හානයට
කලියෙන්