ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොනිමි වන්දනා

නොනිමි වන්දනා

ජයතිලක කම්මැල්ලවීර
2022-March

අතකින් දරා තෝමර
අතකින් ගෙන භද්‍රඝටය
මෙතැනයි සිටියේ අප දෙවිඳුන්
විරාජමානව

හමා ආ මාරුත
හෙළා දෙව්රුව බිම
සුනුවිසුණු කොට
ගොඩගැසූ තැන
තුඹසකි දැන්

වන්දනා කරමු අපි
පෙර බැතියෙන් ම
දෙවියන් වැඩ සිටි මෙතැන
මේ තුඹසට

2021 අගෝස්තු