ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවේ හිමි
2021-March

ගුත්තිල අදුරු තුමා සොයා උදේනි පුර සිට
බරණැස් නුවරට පැමිණි මුසිල ගුත්තිල නිවසට පිවිස…..

මදක් සැතපී ඉඳ
මහ බෝසතුන්ගේ සොඳ
රැගෙන වෙණ මන නඳ
වැයීමට ඔහු පටන් ගත් සඳ

ටික වෙලාවක් ගිමන් හැර, මහ බෝසතුන් හෙවත්
ගුත්තිල අදුරු තුමන්ගේ දුටු පමණින් සිත පිනවන
වීණාව ගෙන වීණා වාදනය පටන් ගත්තේය …

ගුත්තිල අදුරු තුමන්ගේ දෙමාපියන් අන්ධ වූවන්ය .

අඳ මව්පිය දෙදෙන
ඔහු වයන බව නොම දැන
කතී වෙණ මියන
සු සූ යැයි අත ගැසූ සැකයෙන

මූසිල වීණා වාදනය කරණ බව නොදත් අන්ධ මව සහ පියා,
මීයන් විසින් වීණාව කනවා යැයි සැකයෙන් උන් එළවීමට
අත්‍ ගසමින් සූ සූ හඬ නැඟූහ.

සටහන; සාහිත්‍ය වේදියාට යමෙකු එක පෑන් පහරකින් ඉහළට
එසවිය හැකිවාක් මෙන්ම පහළට ඇද දැමීමද කල හැකි
වන්නේය.