ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොඩියෙන් හඬක් …..

කොඩියෙන් හඬක් …..

කුමාරි පතිරණ - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
2022-October

අතට කුමට දුන්නද දිලිසෙන
කඩුවක්
වටට තියා පින්බර බෝපත්
හතරක්
හිතට එඩිය වැඩි මුත් වෙයි අව
නඩුවක්
පිටට යන්න බෑ මැද ඇත රතු
කොටුවක්

සයුර මෙපිට බැබළුණු පොඩි මුතු ඇටයක්
පැතිර ගියපු අභිමන වී ඇත
අඩුවක්
විසිර කෙසර ඳඟ දෙයි එන විට
සුළඟක්
වැතිර කියමි දෙනු මැන කඩුවට
කොපුවක්

කොතන කොහොම එසවූවත් ඇද නූලක්
එතන ඇසෙයි සුන්දර සිරි බර
ගීයක්
මෙතන මෙහෙම හිටියට මට ඇත ගායක්
වැටුණ නමුදු නැගිටිව් මෙය රන්
යායක්

2022/09/18