ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපේක්ෂාභංගත්වය

අපේක්ෂාභංගත්වය

අනුවාදය උදයංග අමරසේකර - ප්‍රංශය
2021-July

මිනිසුන්ගෙන්
උපකාර පතා බලා සිට
සියලු බලාපොරොත්තු
සුන්වුණෙන්
මම මගේ ඉල්ලීම්
යොමු කළෙමි
පොළවට හා
ගල්මුල් වෙතට

මහා ඉරාකියානු කවි
හමාඩ් අජ්රඩ්

(පූර්ව ඉස්ලාමික උමය්යාද් (Umayyad) යුගයේ විසූ කවියෙකු වන හමාඩ් අජ්රඩ් (Hammâd ‘Ajrad) ක්‍රි.ව. 778 දී පමණ මියෙන්නට ඇතැයි සැළකේ. ඔහුගේ මේ කවිය උපුටා ගත් මූලාශ්‍රය මෙසේ ය : Le Diwan de la poesie arabe classique, Paris Gallimard nrf 2008, p.142).