ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කන්ථකගේ පූජාව

කන්ථකගේ පූජාව

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-August

නේරංජනා ගඟ එතෙරව යන කලට
බෝ වේදනා ගැයුමන් දිය රළ පෙළට
කෝ කල්පනා පණ සුන් මගෙ සිත් මලට
නෑ නවතිනා රිසි අරුමයි පාවලට

පියෙකුගෙ පෙමින් සිඹ පිරිමැද සනසාලා
දෙතොල’ගෙ වදන් සුරතල් කර පවසාලා
දුක මගෙ සොයා වෙහෙසුණු සුව සලසාලා
නෙතු අගෙ දකිමි ඔබෙ සිහිනය සරසාලා

ඕජා ඇසළ සඳ පෙරමින් ගලන රැය
රාජා බරණ ගලවා කෙස් සිඳින පැය
තේජා සසර පාරමිවල රකින සෙය
පූජා කරමි ඔබ හට මගෙ පැලෙන ළය