ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ තමයි තාත්තා.

ඒ තමයි තාත්තා.

නිරෝෂිනී අනුරුද්ධිකා - පැරිස් නුවර
2023-August

ඇහි පිල්ලමක් ගසන වේගෙත්
මඟ නොහැර රැකවල් සඳා
ලේන කුලයේ අම්මලා මෙන්
දූවරුන් රැක්කෙම බුදු වෙන්න නොපැතු
මිනිස් කුලයේ පියවරුන්

ආදරේ තරම අකුරක් ගානේ මුමුණන
කෝටි ගානක් අම්මලා
දන්නෙ නැ කිරි නොඑරී පපු යට
තාත්තා දරුවන්ට තිබු ආදරේ හංගලා

කෑ ගසා නොකී මුත් හුස්ම දරුවන් කියා
රළු අතක් උඩ මෘදු මලක් පරිස්සම් කලා නම්
ඒ තමයි තාත්තා.