ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උපන්දින තෑග්ග

උපන්දින තෑග්ග

නිමල් අබේසිංහ - කඳාන
2023-January

සිපී කිරණ අරුණැල්ලේ තඹරු ලියක විකසිතී
හැපී මන්ද මාරුතයේ සිරස දෙපස නලවතී
අපී සුවඳ මල් ලියන්ය මත් බමරා කැඳවතී
දැපී සිටිය හැකි වේවිද එරන්දතිය පරදතී

නුරා හැඟුම් පුබුදාලයි මීන නයන නලවනා
පුරා විතක් මධු පුරවා තබා ගෙනෙති දෝතිනා
දරා සිටින්නට නොහැකිය මනස් සතුන් කලඹනා
කරා එන්න මල් කෙමියට මත් නොවේද සුවඳිනා

මියුරු වදන් තෙපලන්නී මිණි කිංකිණි ලතාවයි
ඉවුරු බිඳන් ගලනා රඟ සයුරු රළ ද පරාදයි
සුහුරු ලියක රඟ දෙනවර සිදුවන්නේ මොනාදැයි
මහරු ඵලක් නෙලා ගතිමි ලැබදුන්නේ අමාවයි

සඳ එළියේ තණ නිල්ලේ රඟ දෙන්නී සා දෙන
සඳ වටකොට මුකුළු කරයි රෑ අහසේ තරු ගණ
තොල් පොපියා යටැස් යොමා නුරා රසය ලැබ දෙන
පුරා දෙතොල් සිප ගන්නට නුදුන්නේද විවරණ