ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජයලාල් රෝහණ ගැයූ එකම ගීතය

ජයලාල් රෝහණ ගැයූ එකම ගීතය

චන්දන ෆොන්සේකා
2021-March

ආවා මම නිවාඩුවට එංගලන්තෙට
දින්නා නේද මෙදා සැරේ ක්‍රිකට් කප් එක
කවුරුත් නොදකින දිනුමේ රහස කීමට
සිතුනා මට අපේ අයට යමක් කීමට

සුපර් ඕවරය යැවුවේ කල්ලෙක් නේද
සුද්දෙක් ඇයි ගත්තෙ නැත්තෙ ඒක යවන්න
කුසලතාවයට මුල් තැන දුන්න සුද්දට
වැරදුනෙ නැහැ ලැබුන නේද වර්ල්ඩ් කප් එක

සුදුස්සාට හිමි තැන දුන්නා නම් අපට
දියුණු වෙමින් පවතින රට තියෙන්නේ කොහිද
පොසිටිව් තින්කින්ග් වටින්නෙ ඒකයි අපට
දැන්වත් ගොන් වැඩ අතහැර නැගිටිමු එකට

ගීතය මෙතනින් View Video