ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉරබටු තරුව

ඉරබටු තරුව

වාසනා කුමුදුනී රත්නායක-බොල්ලතාව-කොස්ගම
2021-July

සඳ ගාවින්ම තනියට
හිටපු ඉරබටු තරුවට
සඳ නේන දවසට
කව්රුවත් ම නෑ නේද තනියට

ඉමක් නැති අහසට
තිබුනාට තරුකැට
සඳ දුන්නු එලියට
හැකිද ගණදුර මකාලන්නට

ඔබ නොමැති දවසට
දැනෙන බර පපුවට
සඳට ඉරබටු තරුවට
වඩා වැඩි බව කියමි අහසට