ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉටිපහන් සිල

ඉටිපහන් සිල

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-July

රදවා මා සිරස

කර මතින් ඔහුගේ

ගොම්මනේ ඇවිදගිය

පාලු සුසානය තෙක්

නෑසියන් මිතුරන් කැඳවා

ගිය ගමනේ

දෙසවන පාරා

ගැයූ හංසගීතය

සුළඟේ ළෙලෙනා

ඉටි පහන් සිල

CANDLE IN THE WIND

දැවී යන්ට පෙර

තව එක සැරයක්

මා දෙස බලන්න

මිහිකත තුරුලේ

සැතපෙන්නට පෙර

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට