ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අකාලයේ සමුගත් දර්ශන් ධර්මරාජ්

අකාලයේ සමුගත් දර්ශන් ධර්මරාජ්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2022-November

දශක හතරක් ඉක්මවූයෙන්
ඉක්මනින් පියමන් කලා
සත්තකින් ඔබ දක්ෂ නළුවෙකි
පබාමත් කළ හෙළ කලා
චරිතයට පණ දෙමින් පණ මෙන්
පෑ රැගුම් මතකයේ තියා
යන්නටම ගියෙ නොඑන ගමනක් දයිවයේ සරදම් නිසා

එදා ‘ඉර හඳ යටට ‘වී ඔබ
‘මචං’ ‘ඇඩ්‍රස් නෑ’ ‘සුනාමි ‘
‘පෝරිසාදද’ සමග එක්වී
‘ප්‍රබාකරන්’ චරිතයට පණදී
දැයේ සිත් තුළ නිදන් කළ මහ
මතක පමණෙකි හිමිවුනේ

ලබා ජන සම්මාන සමගින්
විවිධ ඇගයුම් වලින් මතුවී
පුංචි තිරයද බැබලුවූ
භාව ප්‍රතිබා නංවමින්
කෙටිකලක් මුත් කලේ දස්කම්
උරුමයෙන් ලද පිං බලෙන්
කිසිවෙකුට වත් නොහැකි ලෝකයෙ
මාර බන්ධනයෙන් මිදෙන්නට
ඔබත් ඔහු වසඟයට නතුවුණෙ
ඔබේ මෙන් අපගේද කරුමය
අකාලයෙ ඉස්මතු කරන්

අවැසි යුගයක චිත්‍රපටයට
දිවි තිරෙන් ඔබ නික්මුනේ
ආයේ හනිකට එන්න දො යැයි
අපේ සිත් අපටම කියයි
ඔබ පැතූ ලොව ගොඩනගන්නට
ඔබට හයි හත්තිය ලැබේවා !

6/10/2022