ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රෑ සුවඳ කළ දෑ සමන් මල

රෑ සුවඳ කළ දෑ සමන් මල

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2024-June

රෑ සුවඳ කළ
දෑ සමන් මල

දහවල ගෙවී රැය මෝදුව ආ කලට
පුන්සඳ ඈත දිලිසෙයි ආලෝකයට
මුතු පිනි වැටී ලස්සන වූ ලෝකයට
දැසමන් මලක සුවඳක් දැනුණා අවට

කවි සිත ඇහැරිලා කවි පද පෙළ ගැසුණී
හිතකට සතුට වැනි විය සරණා ලිහිණී
ගහකොළ කියා පෑවෙත් සතුටය දැනුණී
වෙන මොනවද ඉතිං මට නොදැනිම රැඟුණී

අරුණලු ඈත අහසේ ඇතිරෙනා කල
හිත කලබලෙන් පෙති හකුළා නටුව තුළ
නින්දට සැරසෙනා ලෝකය සුවඳ කළ
යන්නට අවසරයි මගෙ දෑ සමන් මල