![](https://londonkavi.com/wp-content/uploads/2023/12/e7cdd62f-10fd-47d2-b87f-268f0c9c3df4.jpeg)
චුට්ටක් ඉඩ දෙන්න
මං වශී වුණු
ඔය හිනාව
මටම සින්නක්කර
ලියාගන්න දෙනවද
ආසයි.. ඔය රතු පාට
තොල් වලින්
හාදු තියාගන්න
කම්මුලේ මැද්දෙන්ම
කාටත් හොරෙන්
ඔය පපුව මැද්දේ
හිස තියාගෙන
චුට්ටක් සැනසෙන්න
ඇස් පියාගෙන
තව තවත්
ඔය පපුවට
තුරුල් වෙන්න
හැකිද ..? ඔබට…
චුට්ටක් ඉඩදෙන්න
සිත් අහසේ පුන් සද වී
ලස්සනට පායන්න
රෑ.. පිපෙන කඩුපුල් මල්
සුවදින් නැහැවෙන්න