ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි
2022-May

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

අල වන මේ කම් රස දොස විමසා
පලයව් තපසට පුළුවන් දවසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක් ඉඳිදෝ නොබැසා

සිතේ ආශාව ඇති කරවන මේ කාම රසයෙහි දොස්
නුවණින් දැන, ශරීර බලය ඇති කල්හි ම ගිහිගෙය
අතහැර තපස් රැකීමට නික්මෙව් !. ගෙඩි (කා) රස
විඳිමින් ගසක උන් එක මිනිසෙක් එහි පාමුල කපා
හෙළන තුරුත් එසේ ම ඉඳී ද?