ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල් සර් තව තනිකඩ?

සුනිල් සර් තව තනිකඩ?

කිංස්ලි රත්නායක
2023-July

කව් මගෙහි විරිතක්‍ ය
සිප් හලෙහි පහනක්‍ ය
රසමවන ගඟුලක්‍ ය
කලා කෙත අස්වැන්න
සුනිල ඵල සහසක් ය

පැටි වියේ කවි ලියූ
තුරුණු පෙම් වැකි පිරූ
රතු වදන් පොබ කෙරූ
රසවතෙකි ඇසුපිරූ

ගී පොතින් මීවිතින් සිහින මත පාතැබූ
තොටමුණකි, ඉසිඹුලන දිවි කතර සරු කෙරූ
සත් දෙසින් ආ නවක දුහුනන්ට මග කියූ
සුනිල්මය තරු එලිය
සරසවිය හුරු කෙරූ

සරසවි බිම නිතර දකින
සරසවි අධිපතිද රකින
සරසවි දේවිය නොදැනද
සුනිල් සර් තව තනිකඩ?